බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සීමා කිරීමට පියවර

බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සීමා කිරීමට පියවර

බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සීමා කිරීමට පියවර

කර්තෘ Sakila Udayakumara

02 Nov, 2016 | 6:57 am

මින් ඉදිරියට බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන්නේ අදාළ විශ්වවිද්‍යාලයේ එම පීඨය සඳහා බඳවා ගන්නා අභ්‍යන්තර සිසුන් ප්‍රමාණයට සමාන සංඛ්‍යාවක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි වැඩබලන සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න මහතා සඳහන් කළේ, ඇතැම් විශ්වවිද්‍යාලවල බාහිර උපාධි සඳහා විශාල පිරිසක් ලියාපදිංචි වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ය.

මේ හේතුවෙන් පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල බාහිර උපාධි සඳහා ලියාපදිංචිය අවම මට්ටමකට පත්ව ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එමෙන් ම වැඩි පිරිසක් ලියාපදිංචි වන විශ්වවිද්‍යාලවල බාහිර උපාධියේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව ගැටලු ද මතු වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී ලියාපදිංචි කරන බාහිර උපාධි අපේක්ෂකයින්ගේ ඉගැන්වීම් සිදු කරන මධ්‍යස්ථානවල ගුණාත්මක භාවය නියාමනයට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.