රංගන ශිල්පිනී කවීෂා අයේෂානිට මරු කැඳවූ රිය අනතුරේ CCTV දර්ශන

රංගන ශිල්පිනී කවීෂා අයේෂානිට මරු කැඳවූ රිය අනතුරේ CCTV දර්ශන

කර්තෘ Chathuranga Rajapaksha

16 Oct, 2016 | 4:55 pm

නවක රංගන ශිල්පිනියක් වන කවීෂා අයේෂානි අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරෙන් මිය ගියේය.

එම රිය අනතුරේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.

පොලීසිය පැවසුවේ ඇය පැදවු මෝටර් රථය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුර සිදුවන අවස්ථාවේ ඇය විසින් රථය පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මියයන විට 25 හැවිරිදි වියේ පසු වු කවීෂා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී සිටියේය.

ඊයේ රාත්‍රී පැවති සාදයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී ඇයගේ මෝටර් රථය මෙම අනතුරට ලක්ව තිබුණු බව පොලීසිය සඳහන් කළේය.

ඇයගේ මෘත දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.