රංගන ශිල්පිනි කවීෂා අයේෂානි හදිසි අනතුරකින් මියයයි

රංගන ශිල්පිනි කවීෂා අයේෂානි හදිසි අනතුරකින් මියයයි

රංගන ශිල්පිනි කවීෂා අයේෂානි හදිසි අනතුරකින් මියයයි

කර්තෘ Sagarika Chathumali

16 Oct, 2016 | 11:47 am

නවක රංගන ශිල්පිනියක් වන කවිෂා අයේෂානි අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරකින් මිය ගොස් තිබේ.

ඇය පැද වූ මෝටර් රථය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඊයේ රාත්‍රී පැවති සාදයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසී ය.

මියයන විට 25 හැවිරිදි වියේ පසු වු කවීෂා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සිටි තරුණ නිළියකි.