මහ බැංකු බැඳුම්කර වංචාව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (VIDEO)

මහ බැංකු බැඳුම්කර වංචාව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (VIDEO)

කර්තෘ Hashini De Mel

12 Oct, 2016 | 8:50 pm

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව එහි වත්මන් අධිපතිවරයා ඉදිරි දින කිහිපයේ ප්‍රකාශයක් කරනු අතැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

2015 පෙබරවාරි අවසන් සතියේ සහ 2016 මාර්තු මාසයේ සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම් දෙකකදී නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම නිසා රජයට විශාල පාඩුවක් සිදුවූ බවට මේ වන විට චෝදනා නැගී තිබේ.

සිවිල් ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් අලෝසියස් මහතාට අයත් බව කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති ප්‍රාථමික ගැනුම්කාර ආයතනය මේ හරහා විශාල ලාභයක් උපයා ඇති බව ය.

මේ අතරවාරයේ මෙම සමාගම අධික ලාභ ලැබූ අයුරු මහ බැංකුවේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවීම පිළිබඳව ද පසුගිය දින කිහිපයේ කතා බහට ලක්විය.

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද මහනුවරදී බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]