හිටපු ආරක්ෂක ලේකම්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

කර්තෘ Sagarika Chathumali

03 Oct, 2016 | 2:02 pm

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චීනයට යාම සඳහා ඔහුට පනවා තීබූ විදෙස් ගමන් තහනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද තාවකාලිකව ඉවත් කළේ ය.

ඒ අනුව ඔක්තෝබර් 5 සිට ඔක්තෝබර් 30 වන දා කාලය තුළ විදෙස්ගත වීමට අධිකරණය ඔහුට අවසර දුන්නේ ය.

හිටපු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විදේශගත වීමට අවසර ඉල්ලා සිටිය ද අල්ලස් කොමිසමේ නිතීඥ තුෂාරි ජයරත්න මහත්මිය ඊට විරුද්ධ වෙමින් කියා සිටියේ ඔහු යන රට සහ ඊට අදාළ ලියවිලි අල්ලස් කොමිසමට ඉදිරිපත් කර නොමැති බව ය.

එබැවින් ඔහුගේ ඉල්ලීමට එකඟ විය නොහැකි බව නීතිඥවරිය කියා සිටියා ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා කියා සිටියේ, චීනයේ පැවැත්වෙන ආරක්ෂක සම්න්ත්‍රණයක් සඳහා රාජපක්ෂ මහතාට ආරාධනයක් ලැබී ඇති බව ය.

මෙරට යුද සමයේ ඔහුගේ සේවය පිළිබඳව සැලකිල්ල යොමුකර මෙම ආරාධනය කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.

ඒ අනුව ගොඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට අවසර දුන් අධිකරණය ඔහු රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයට අත්සන් තැබිය යුතු බව ද නියම කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]