කොත්මලේ විදුලි බලාගාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කොත්මලේ විදුලි බලාගාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කොත්මලේ විදුලි බලාගාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කර්තෘ Sakila Udayakumara

30 Sep, 2016 | 6:35 am

කොත්මලේ විදුලි බලාගාරයේ තිබී මළ සිරුරක් හමුවී තිබේ.

මිය ගිය පුද්ගලයා කොත්මලේ විදුලි බලාගාරයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි වයස අවුරුදු 41ක් වයසැති යුද හමුදා කෝප්‍රල්වරයෙකි.

අදාළ අංශයේ සේවක කටයුතු පරික්ෂා කිරීම සඳහා සාජන්වරයෙකු උදෑසන එහි ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා මිය ගොස් සිට ඇතැයි අප වාර්තාකරු පැවසී ය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පොළ මහ රෝහලට ගෙන ගොස් ඇති අතර ගම්පොළ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.