ඇඹිලිපිටියට වන අලි කඩා වදිති : අලි ප්‍රහාරයකින් ප්‍රදේශවාසියෙක් මරුට

ඇඹිලිපිටියට වන අලි කඩා වදිති : අලි ප්‍රහාරයකින් ප්‍රදේශවාසියෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

30 Sep, 2016 | 5:11 pm

ඇඹිලිපිටියට ආසන්න ලියන්ගහවෙල ප්‍රදේශයට වන අලින් දෙදෙනෙකු කඩා වැදීමෙන් මේ වනවිට ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අලි කඩා වැදී සිටින ප්‍රදේශයේ සිට ඇඹිලිපිටිය නගරයට කිලෝමීටර් 3ක පමණ දුරක් ඇති බව ය.

පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර අලි ප්‍රහාරයකින් පසු රෝහල්ගත කෙරුණු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසී ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, අදාළ ප්‍රහාරය එල්ල වූ නිවස ආසන්නයේ එක් වන අලියෙකු තවමත් රැඳී සිටින බව ය.

පොලීසිය හා වනජීවී නිලධාරීන් එක්ව තත්ත්වය පාලන කර අලි පලවා හැරීමට උත්සාහ දරමින් සිටී.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]