අවුරුදු 40ක් තිස්සේ ගමක් මැදින් තිබූ මරු වැලක් ගම්මැද්දෙන් දිවි රකිනා පාලමක් කළ වගයි ! #Gammadda100

අවුරුදු 40ක් තිස්සේ ගමක් මැදින් තිබූ මරු වැලක් ගම්මැද්දෙන් දිවි රකිනා පාලමක් කළ වගයි ! #Gammadda100

කර්තෘ Sagarika Chathumali

30 Sep, 2016 | 9:29 pm

උස්සාන ගම මැදින් මරු කපොල්ලක් තිබිණ.

ගම්වැසියන්ට අනුව මේ ස්ථානයේ ජිවිත කිහිපයක් අහිවී අවසන්.

ගම්මැද්ද දින 100 වැඩසටහනේ මැදිහත් වීමෙන් මේ මරු කපොල්ල පාලමක් බවට පත්විය.

ගම්මැද්ද දින 100 යටතේ ඉදි කළ පාලම ජනසතු කිරීමෙන් පසු එම ප්‍ර දේශයේ ජනතාව පළ කළ අදහස් අතරික් කිහිපයක් මේ…
[quote]හැමදාම ස්කෝලේ යනකොට බයයි ඊලග වැස්ස එනකොට එන්නේ කොහොමද කියලා. වැස්සක් ආපු ගමන් දරුවෝ ගොඩ ගන්න බැරුව අපි දගලනවා[/quote]

[quote]අපිට කොහොමටවත් එහාට මෙහාට යන්න නෑ එගොඩ හිටියොත් එගොඩ මෙගොඩ හිටියොත් මෙගොඩ[/quote]

[quote]කව්රුන් හරි මේ පාලම හදලා දෙනවනම් බොහෝ පිං[/quote]

ගෙවුණු වසර 40 තුළ සෑම ගං වතුරකට ම ගලේවෙල හා පලාගල උස්සාන පාලමට උඩින් ගලා ගියේ ජිවිතයක් උස්සාගෙන ගොස් මරු තුරුලේ තබමිනි.

වැස්සත් සමඟ හැවැන්ඇල්ල ඔය පිටාර ගලන විට බුල්නෑව හා කලුගල ජනතාවට පීඩා විදින්නට සිදුවුයේ කලුගල ගම දෙස බැලු නිලධාරීන්ගේ නෙත් කලුගල් සේ පැවතුන බැවිනි.

ගම්මැද්ද දින 100 වැඩසටහනින් ඉදිකෙරුණු තවත් ව්‍යාපෘතියක් වූ ගලේවෙල කළුගල උස්සාන පාලම අද ජනතා අයිතියට පත්කෙරුණේ දහස් සංඛ්‍යාත ගම්වැසින්ට අස්වැසිල්ලක් වෙමිනි.

මෙම අවස්ථාවට සීමාසහිත කැපියල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතා ඇතුළු නිව්ස්ෆස්ට් කණ්ඩායම මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතළු පිරිසක් එක්ව සිටියහ.

එම අවස්ථාවට එක්ව සිටි උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොස්ගොල්ලේ රතනජෝති හිමියෝ එහිදී මෙලෙස අදහස් පළ කළහ.

[quote]මේ ආණ්ඩුව ඇතුලේ මේ රටේ පුංචිම ආණ්ඩුව තමයි සිරස මාධ්‍ය ආයතනය කියන බව මම අවිවාදයෙන් කථාකර සිටිනවා දින 100ක් ඇතුලේ දින 100යට වඩා සංවර්ධන කටයුතු රැසක් මේ රටේ පුංචි අහිංසක ජනතාව වෙනුවෙන් ආරම්බකරලා තියනවා.[/quote]

ගම්මැද්ද දින 100ට සමගාමීව සිදුකෙරන රුක් රෝපන වැඩ සටහනද මෙහිදී සිදුකෙරිණ.

ගමේ ගැටලු ගමේ නායකයන් තුළින් රට හමුවේ තබන ගම්මැද්ද සවිය සංවිධානය පිහිවූයේ ඉන් අනතුරුව ය.

ජල දුකින් පීඩා විඳි ජන දුක දැක ගම්මැද්ද දින 100 යටතේ සිකුරාලන්දට ජල ව්‍යාපෘතියක් ලබාදීමට මීට දින 2කට පෙර අප මුල්ගල් තැබී ය.

එහෙත් ඒ මොහොත වේද්දීත් බොහෝ බලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර තිබුණේ, මතු කර ගැනීමට ජල බිඳක් සිකුරාලන්දේ නොමැති බව ය.

අද දිනයේ එම ජනතාවගේ සිහින සැබැකරමින් ජලය මතුවිය.

මේ කළ නොහැක්කක් නොමැති බවට ඇති අපගේ සාක්ෂියයි.