කල්කුඩා මුහුදේ ගිළුනු දරු දෙදෙනාගෙන් ආයෙකුගේ සිරුරක් හමු වෙයි

කල්කුඩා මුහුදේ ගිළුනු දරු දෙදෙනාගෙන් ආයෙකුගේ සිරුරක් හමු වෙයි

කර්තෘ Sagarika Chathumali

19 Sep, 2016 | 3:15 pm

කල්කුඩා මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන්වූ තරුණයෙකුගේ මෘත සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ කල්කුඩා වෙරළට මීටර් 500 ක් පමණ ඈතින් වූ මුහුදේ තිබී කිමිඳුම්කරුවන් විසින් ඔහුගේ මෘත දේහය සොයා ගත් බව ය.

එලෙස සොයා ගෙන ඇත්තේ, දියනෑමට ගොස් අතුරුදන්ව සිටි 21 හැවිරිදි වැඩිමහල් සෙහොයුරාගේ සිරුරයි.

පොලීසිය පැවසුවේ, අතුරුදන්ව සිටින 18 හැවිරිදි සෙසු තරුණයාගේ මෘත දේහය සොයා නාවික හමුදාව සහ කිමිඳුම්කරුවන් මෙහෙයුම් සිදුකරන බව ය.

කල්කුඩා මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී ඊයේ පස්වරුවේ එම තරුණයින් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව තිබිණ.

මේ අතර තම දරුවන් දෙදෙනා මුහුදේ ගිලී අතුරුදන්වීම හේතුවෙන් ශෝකය දරාගත නොහැකිව ඔවුන්ගේ දෙමව්පියන් ගෙලවැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.