එක්සත් ජාතීන්‍ගේ 71වන මහා මණ්ඩල සැසිවාරය

එක්සත් ජාතීන්‍ගේ 71වන මහා මණ්ඩල සැසිවාරය

එක්සත් ජාතීන්‍ගේ 71වන මහා මණ්ඩල සැසිවාරය

කර්තෘ Sagarika Chathumali

19 Sep, 2016 | 7:43 am

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය 26 වනදා දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් හිදි පැවැත්වීමට නියමිත ය.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් සහභාගීව සිටිති.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙය වේ.

කරුණු තුනක් හේතුවෙන් මෙවර සැසිය වැදගත් වේ.

අමෙරිකාව හා ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිබඳ සමුළුව ඉන් එක් කරුණකි.

එමෙන් ම අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා එක්සත් ජාතින්ගේ සමුළුව අමතන අවසන් වාරය මෙය වේ.

වසර 10ක් එක්සත් ජාතින්ගේ මහලේකම් ධුරය දැරු බැන් කී මූන් මහතා ද මෙවර මහා මණ්ඩල සැසියේදී සිය අවසන් දේශනය පැවැත්වීමට නියමිත ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගි වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 21 වන දා සැසිය අමතනු ඇති.