Special Report – ‘ඉන්ෆ්ලුවෙන්සා ඒ’ හලාවත කතක් බිලි ගනී

Special Report – ‘ඉන්ෆ්ලුවෙන්සා ඒ’ හලාවත කතක් බිලි ගනී

කර්තෘ Chathuranga Rajapaksha

16 Sep, 2016 | 9:54 pm

‘ඉන්ෆ්ලුවෙන්සා ඒ’ රෝගය වැළඳීමෙන් හලාවත ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබේ.

ඒ, හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

ඉන්දීය සංචාරයක නිරතව මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණි කාන්තාවක් මෙලෙස ‘ඉන්ෆ්ලුවෙන්සා ඒ’ වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළා ය.

ඇය දඹදිව වන්දනාව සඳහා තවත් මෙරට කණ්ඩායමක් සමග ඉන්දියාවට ගොස් පැමිණ ඇති අතර එම කණ්ඩායමේ තව ත් කාන්තාවක් අදාළ වෛරසය ශරීරගතව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

‘ඉන්ෆ්ලුවෙන්සා ඒ’ යනු ස්වසන රෝග ඇති කරන වෛරසයකි.

මෙහි රෝග ලක්ෂණ මෙසේය.

1.සෙම්ප්‍රතිෂ්‍යාව
2.උණ
2.ස්වසන අපහුසතාව ඇති කරවීම
3.නිව්මෝනියාව තත්ත්වය

ගැබිණි මව්වරුන්ට, අවුරුදු දෙකකට වඩා වයසින් අඩු දරුවන්ට, දියවැඩියා හා වකුගඩු රෝගීන්ට හා වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට මේ රෝගය මාරාන්තික විය හැකි බැවින් දිගුකල් පවතින කැස්ස, හෙම්බරිස්සාව, හිසරදය සමග තද උණ ඇත්නම් ළඟම ඇති රෝහලකින් ප්‍රතිකාර ලබා ගත යුතු බව වෛද්‍ය මතයයි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුවකළ හැකි අතර වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහා මහතා පෙන්වා දුන්නේ, මෙය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ රෝග තත්ත්වයක් නොවන බැවින් අනියත බියක් ඇති කර නොගත යුතු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]