සෙල්ලම් පිස්තෝලයක් පෙන්නූ කළු ජාතික දරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

සෙල්ලම් පිස්තෝලයක් පෙන්නූ කළු ජාතික දරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

සෙල්ලම් පිස්තෝලයක් පෙන්නූ කළු ජාතික දරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

කර්තෘ Sakila Udayakumara

16 Sep, 2016 | 6:54 am

අමෙරිකාවේ ඔහායෝහි පොලිස් වෙඩි පහරකින් බාලවයස්කාර පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 13 හැවිරිදි ටයිරි කින්ග් නමැතා කළු ජාතික පිරිමි දරුවෙකි.

සොරකමක් සම්බන්ධයෙන් පොලීසිය පැමිණි අවස්ථාවේදී එම දරුවා ගිනිඅවියක් පිටතට ගැනීමත් සමග අදාළ පො‍ලිස් නිලධාරියා ‍ඔහුට වෙඩි තබා තිබේ.

අනතුරුව කළ පරීක්ෂණයේදී දරුවා සතුව තිබී ඇත්තේ, ක්‍රීඩා කිරීම සඳහා යොදා ගන්නා පිස්තෝලයක් බව හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාහි සඳහන් වේ.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, සුදු ජාතික පොලිස් නිලධාරියෙකි.

පසුගිය දිනවල අමෙරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරීන් විසින් කළු ජාතිකයින් ඝාතණය කිරිමේ සිද්ධීන් බහුලව වාර්තා වුණු අතර මෙලෙස පොලීසියේ වෙඩි පහරකින් කළු ජාතික දරුවෙකු මිය ගොස් ඇත්තේ අවුරුදු 2කට පසුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]