සැඟව සිටියේ නිවැසියන්ගේ අනුදැනුම ඇතිවයි – අතුරුදන්ව සිටි හම්බන්තොට තරුණයා පොලීසියට කියයි

සැඟව සිටියේ නිවැසියන්ගේ අනුදැනුම ඇතිවයි – අතුරුදන්ව සිටි හම්බන්තොට තරුණයා පොලීසියට කියයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Sep, 2016 | 9:37 pm

තමන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් සැඟව සිටියේ නිවැසියන්ගේ අනුදැනුම මත බව අතුරුදන්ව සිටි හම්බන්තොට තරුණයා පවසා තිබේ.

ඒ, අද අලුයම පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් ය.

ජී.ජී.ගයාශාන් නමැති මෙම තරුණයා අද අලුයම හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පසුව ඔහු මාතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තරුණයාට පහරදීමක් සිදුවූ බවට සැක කළ හැකි සළකුණු හෝ තුවාල ඔහුගේ සිරුරේ නොමැති බව ය.

දින 10 ක් අතුරුදන්ව සිටි මෙම තරුණයා ඊයේ දහවල් දික්වැල්ල දීග වාළුකාරාම රජමහා විහාරාවාසි පූජ්‍ය අඹකොලවැවේ බුද්ධික හිමියන්ගේ මාර්ගයෙන් පොලිසියට භාරවිය.

ගයාශාන්ගේ අතුරුදන්වීමෙන් පසු හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කළ අතර ඊයේ ඒ අතර සිටි සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළේය.

ඊට හේතු වූයේ තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු හම්බන්තොට පොලිස්ථානය ඔහුව අත්අඩංගුවට නොගත් බවට ව්‍යාජ්‍ය සටහන් යොදා තිබීම සහ අත්අඩංගුවට ගැනීමේ නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීමයි.

අදාළ තරුණයාට ඇති චෝදනා සම්බන්ධයෙන් නියමිත නිත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පොලීසියට එල්වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද ඒ අයුරින්ම කටයුතු කරන බව ය.

මේ අතර තමන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් සැඟව සිටියේ නිවැසියන්ගේ අනුදැනුම මත බවට තරුණයා පොලීසියට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් විමසීමට අප වාර්තාකරු ඔහුගේ නිවස වෙත ගියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]