කාවේරි නදියේ ජල අර්බුදය මුල්කර ගත් විරෝධතාවකදී තමිල්නාඩු විපක්ෂ නායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

කාවේරි නදියේ ජල අර්බුදය මුල්කර ගත් විරෝධතාවකදී තමිල්නාඩු විපක්ෂ නායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

කාවේරි නදියේ ජල අර්බුදය මුල්කර ගත් විරෝධතාවකදී තමිල්නාඩු විපක්ෂ නායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

16 Sep, 2016 | 12:22 pm

තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ, කාවේරි නදියේ ජලය වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී ය.

කාවේරි ගංගාවේ ජලය බෙදා ගැනීම සඳහා කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් අතර අර්බුදය වසර ගණනාවක් ඈතට දිවයන්නකි.

මෙම ගැටලුව තීව්‍ර වූයේ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයක් අනුව ය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, සැප්තැම්බර් 20 වන දා දක්වා තමිල්නාඩුවට කාවේරි නදියෙන් තත්පරයකට ජලය ඝන අඩි 12,000ක් ලබා දෙන ලෙස ය.

එම තීන්දුවට විරෝධය පළ කරමින් පසුගියදා කර්නාටක ප්‍රාන්ත වැසියන් විරෝධතාවක නිරත වූ අතර ඊට විරෝධය පළ කරමින් අද තමිල්නාඩුවේ ද විරෝධතා පැවැත්විණි.

ඒ, විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙනි.

මේ හේතුවෙන් තමිල්නාඩු සහ පාන්ඩිචේරි යන ප්‍රාන්තයන්හි ගමනා ගමනය අඩාල වී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජන ජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බව ය.

විරෝධතාකරුවන් දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතාවයේ නිතර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මතුව ඇති තත්ත්වය පාලනය කිරීමට ඉන්දීය පොලීසිය විපක්ෂ නායකවරයා සහ ඔහුගේ සොහොයුරිය කනිමොනි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.