නාමල් අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග (VIDEO)
නාමල් අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග (VIDEO)
කර්තෘ Sakila Udayakumara
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට, අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේ ය.
ඒ, නාමල් රාජපක්ෂ මහතාගේ මූලික විරෝධය ඉවත දමමිනි.
අගවිනිසුරු කේ. ශ්රීපවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව අද විභාගයට ගත් අතර මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණයේ පෙනී සිටියේ ය.
ඔහුගේ නීතිඥවරයා මූලික විරෝධය දක්වමින් පැවසුවේ, මෙම චෝදනාවට අදාළව නඩු පැවරීමට අල්ලස් කොමිසමට හැකියාවක් නොමැති බව ය.
අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ලබන මස 03 වන දාට පෙර චෝදනා ගොනු කරන ලෙස එම විරෝධය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සිය මිත්තණියක වන ඩේසි ෆොරස්ට් මහත්මිය සමග අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ, ගල්කිස්ස මිහිදු මාවතේ පිහිටි පර්චස් 60 ක ඉඩම සම්බන්ධ නඩුවට අදාළව ය.
එම ඉඩම ලබා ගැනීමට වත්කම් ඉපැයූ ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අද එහි නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව ලබන 20 වන දා ඉඩම මැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අවසර දුන්නා ය.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීම සඳහා කළ ඉල්ලීමට අධිකරණය අද අවසර ලබා දී තිබේ.
එමෙන්ම රගර් ක්‍රීඩක වසීම් තජූඩීන්ගේ සිරුරු කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇප ලබා දෙන්නැයි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
පෙත්සම විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය පැවසුවේ, මෙය බරපතළ සිද්ධියක් බව ය.
එය මුදලින් මිල කළ නොහැකි බව ත් ඒ පිළිබඳව යළි පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ඇති බව ත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප කරමින් කියා සිටියා ය.
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
- අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්…
- 2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්
- පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
- AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ
- දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි