12.53pm : එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය සහ සමුළුවේ නිමාව.
12.48pm : “සිසුන්ට අවුරුදු 13ක අධ්‍යාපනයෙන් පසු හොඳ රැකියා පුහුණුවක් ලබා දෙනවා” – අගමැති
12.44pm : “2020 වෙනකොට අපි ණය බර අඩු කරනවා” – අගමැති
12.37pm : “මම ඡන්දයක් දිනන්න LTTE එකත් එක්ක ගිවිසුම් ගහලා නැහැ, ඊට වැඩිය හොඳයි මට පරාජය” – අගමැති
12.37pm : “අපි හැම ජාතියක්ම එකතු කර ගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගොඩනගන්න කැපවෙලා තියෙනවා” – අගමැති
12.34pm – “අපේ පක්ෂයෙන් වුණ වැරදිවලට මම සමාව ඉල්ලනවා” – අගමැති
12.26pm : එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව ආමන්ත්‍රණය කරයි.

12.17pm : “අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව නොමග යවන්න එපා” – ජනපති
12.14pm : “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් එකට ඉඳගෙන මේ රට ගොඩනගන්න පුළුවන්” – ජනපති
12.11pm : “මා කැපවී සිටින්නේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දු ඉටු කිරීම් සඳහා යි” – ජනපති.
11.59am : ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා සභාව ආමන්ත්‍රණය කිරීම.

11.53am : එක්සත් ජාතික පක්ෂය විසින් සකස් කළ විශේෂ සඟරාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම.
11.52am : පක්ෂයේ මත වාද සහ යෝජනා ඒකමතිකව සම්මත වීම.
11.51am : පක්ෂය ඉදිරිපත් කළ මත වාද සහ යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඡන්ද විමසීම සඳහා යොමු කිරීම.

11.47am : “පක්ෂය කැඩිලා යන කොට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණා 2014 වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලබා දෙනවා කියලා” – කබීර් හෂීම්
11.43am : “1994 සිට 2015 දක්වා අපි විපක්ෂයේ දිගු කලක් හිටියා” – කබීර් හෂීම්
11.35am : එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා සභාව ආමන්ත්‍රණය කරයි.

11.31am : “මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ මේ බැඳීම කාටවත් වෙන් කරන්න බැහැ” – සජිත් ප්‍රේමදාස
11.29am : “අපි මොන තරගයකදීවත් අනුශූරයෝ වෙන්න කැමති නැහැ” – සජිත් ප්‍රේමදාස
11.26am : “කාටත් අත පාන්නේ නැති ලෙස ඔබට ජීවත් වීමට හැකි අයුරින් අපි රට ගොඩනගනවා” – සජිත් ප්‍රේමදාස
11.21am : “රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ඒ කැප කිරීම නොකරා නම් අද රටට අත් වන ඉරණම මොකක්ද?” – සජිත් ප්‍රේමදාස
11.12am : එක්සත් ජාතික පක්ෂයේ නි.නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සභාව ආමන්ත්‍රණය කරයි.

11.06am – “රටේ ඉන්න මේ බහුතරයට රට දියුණු කරන්න බැරි නම් ආයේ මේ රට දියුණු කරන්න බැහැ” – හරීන් ප්‍රනාන්දු
11.04am : “මහින්ද රාජපක්ෂ ඊළඟ ඡන්දය ගැන විතරයි හිතුවේ, ඒකයි ඌව පළාත් ඡන්දයෙන් පස්සේ ඉල්ලන් කෑවේ” – හරීන් ප්‍රනාන්දු
11.03am : “ලෙඩ වෙච්ච, ණය වෙච්ච රටක් අපිට දුන්නේ” – හරීන් ප්‍රනාන්දු
11.01am : “එදා ඉදන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෝ සල්ලි හම්බ කරේ නැහැ” – හරීන් ප්‍රනාන්දු
11.00am : “ලංකාව කියන රට ලෝකයට නිර්මාණය කරලා දුන්නේ අපි” – හරීන් ප්‍රනාන්දු
10.59am : “නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය බිහි කළේ එක්සත් ජාතික පක්ෂයයි” – හරීන් ප්‍රනාන්දු
10.58am : “අද මේ රටේ නීතියට, පොලීසියට නිදහස තියෙනවා” – හරීන් ප්‍රනාන්දු
10.52am : ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උත්සව සභාව අමතයි.

10.32am : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරයේ සහ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවයට එක්වෙයි.



10.29am : යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සභාව අමතයි

10.20am : “අපි එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පාක්ෂිකයා දිනවන්න නෙමෙයි රට හදන්නයි බලයට ආවේ” – රවි කරුණානායක
10.15am : එක්සත් ජාතික පක්ෂයේ නි.නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමාරම්භක කතාව සිදු කරයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු පිරිස කැම්බල් පිටියට මේ වන විට එක්ව සිටියි.

10.04am : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය සහ සමුළුව ආරම්භ විය.
[image_sliders]
[image_slider link=”full_url_link” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/09/UNP-Party-convention.jpg”] Description [/image_slider]
[image_slider link=”full_url_link” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/09/14203350_1224553827604873_6236997738072029799_n.jpg”][/image_slider]
[image_slider link=”full_url_link” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/09/UNP-Party-convention.jpg”] [/image_slider]
[image_slider link=”full_url_link” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/09/UNP-Party-convention.jpg”] [/image_slider]
[image_slider link=”full_url_link” source=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/09/UNP-Party-convention.jpg”] [/image_slider]
[/image_sliders]
සුබ උදෑසනක්…
එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරයේ සහ සමුළුවේ සියලු තොරතුරු අප ඔබ වෙත සජීවීව ගෙන ඒමට සූදානම්.
තවත් ස්වල්ප මොහොතකින් එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය සහ සමුළුව ආරම්භ වීමට නියමිත යි.