පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වූ හම්බන්තොට තරුණයා සෙවීමට මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි (VIDEO)

පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වූ හම්බන්තොට තරුණයා සෙවීමට මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

10 Sep, 2016 | 9:04 pm

වී මලු කිහිපයක සොරකමට ත් ජීවිතයක් අනතුරේ හෙළීමේ සිද්ධියක් පිළිබඳව මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව තිබේ.

වී සොරකමක් සිදු කළ බව පවසමින් ජී.ජී. ගයාෂාන් හා තව ත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව ප්‍රදේශවාසීහු පවසති.

පොලීසිය කළ පහර දීම් හේතුවෙන් හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලැබු තරුණයෙකු අද පස්වරුවේ පිටව ගියේ ය.

පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වූ බව කියන තරුණයා පිළිබඳව විමර්ශන සිදු කිරීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අද හම්බන්තොට පිහිටි එම තරුණයාගේ නිවසට පැමිණ සිටියේ ය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, අතුරුදන් වූ තරුණයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පළා ගිය බව ය.