පොදු මහජනතාවගේ සේවකයා විදියට මම කියනවා මේ රටේ ලාංකිකයිනී නැගිටියව් කියලා – ජනපති (VIDEO)

පොදු මහජනතාවගේ සේවකයා විදියට මම කියනවා මේ රටේ ලාංකිකයිනී නැගිටියව් කියලා – ජනපති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

10 Sep, 2016 | 8:01 pm

ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා හා පළමු විධායක ජනාධිපතිවරයා බිහි කළ එක්සත් ජාතික පක්ෂය අද සිය 70 වන සංවත්සරය සැමරුවේ ය.

දශක 7ක මතක සමරන රැලියේ තේමාව වූයේ අලුත් රටක ඉදිරියට යන්න හිතන අය එකට එකතු වෙමු යන්න යි.

දිවයිනේ නන් දෙසින් පැමිණි පක්ෂ සාමාජිකයින් එක්රැස් වූයේ බොරැල්ල කැම්බල් පිටියට ය.

සංවත්සර උළෙල ආරම්භ වුණේ, එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සංවත්සර උළෙලේ විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇරයුම් කර තිබිණි.

පක්ෂය ඉදිරියට මෙහෙයවීමේ නව මතවාදී යෝජනාවක් සම්මත කිරීම ද මෙහිදී සිදු කෙරිණි.