පුත්තලමේදී අතුරුදන් වූ 4 හැවිරිදි දරුවා හමු වෙයි

පුත්තලමේදී අතුරුදන් වූ 4 හැවිරිදි දරුවා හමු වෙයි

පුත්තලමේදී අතුරුදන් වූ 4 හැවිරිදි දරුවා හමු වෙයි

කර්තෘ Sakila Udayakumara

10 Sep, 2016 | 7:53 am

පුත්තලම, වානපාර ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දරුවා හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයකින් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිට එම දරුවා පුත්තලමට රැගෙන එමින් සිටියදී සොයා ගත් බව ය.

ඉන්දියන් ජාතිකයෙකු විසින් එම දරුවා රැගෙන යමින් සිටියදී සොයා ගෙන තිබේ.

අදාළ ඉන්දීය ජාතිකයා ඇතුළු දරුවා රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු සහ ඊට සහය දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකාර කාන්තාවන් දෙදෙනා සහ ඉන්දියන් ජාතිකයා විසින් දරුවා වනාතවිල්ලුව ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා ගෙන සිට ඇතැයි ද පොලීසිය හෙළි කර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලද තොරතුරු අනුව සැකකාර කාන්තාවන් දෙදෙනා ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් බව ය.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී ඉන් එක් කාන්තාවකගේ විවාහක පුරුෂයා වන ඉන්දියන් ජාතිකයා විසින් ත්‍රිරෝද රථයකින් දරුවා පුත්ලමට රැගෙන විත් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සිද්ධියට මුහුණ දුන් දරුවා මේ වන විට පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]