පුංචි බොරැල්ලේදී බන්ධනාගාර නියාමකවරයෙකුට පැහැර ගෙන ගොස් පහර දෙයි

පුංචි බොරැල්ලේදී බන්ධනාගාර නියාමකවරයෙකුට පැහැර ගෙන ගොස් පහර දෙයි

පුංචි බොරැල්ලේදී බන්ධනාගාර නියාමකවරයෙකුට පැහැර ගෙන ගොස් පහර දෙයි

කර්තෘ Sakila Udayakumara

10 Sep, 2016 | 2:42 pm

බන්ධනාගාර නියාමකවරයෙකුට පුංචි බොරැල්ල ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, මැගසින් බන්ධනාගාරයේ විනය අංශයට අනුයුක්ත නියාමකවරයෙකි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් මෙලෙස පහර දී මහ මග දමා ගොස් ඇති බව ය.

ඔහුගේ දෑස්වලට හානි සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පුංචි බොරැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් පැමිණෙමින් සිටියදී බන්ධනාගාර නියාමකවරයා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

පහර දීම සිදු කර පළා ගිය සැකකරුවන් සෙවීමට විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]