එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය අද

කර්තෘ Sakila Udayakumara

10 Sep, 2016 | 6:29 am

එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර ප්‍රධාන උත්සවය අද පැවැත්වේ.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ, උත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට කැම්බල් පිටියේදී පැවැත්වෙන බව ය.

70 වන සංවත්සර උත්සවය සඳහා විදේශ ශාඛාවල නියෝජිතයින් ද සහභාගී වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ, 6 වන දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත කර ගත් යෝජනා අද පැවැත්වෙන සංවත්සරයට ඉදිරිපත් කරන බව ය.

අලුත් රටක් බිහි කිරීමේ අභියෝගයට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එහි මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර උත්සවය හේතුවෙන් අද පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා බොරැල්ල ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් කැම්බල් පිටිය ආශ්‍රිත මාර්ගයන්හි රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට නියමිත ය.

විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට සහය වන ලෙස පොලිස් මූලස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]