මාස 9ක් වයසැති තම බිළිඳා රුපියල් 2000කට අලෙවි කිරීමට තැත් කළ කාන්තාවක් පොලීසියට කොටු වෙයි (VIDEO)

මාස 9ක් වයසැති තම බිළිඳා රුපියල් 2000කට අලෙවි කිරීමට තැත් කළ කාන්තාවක් පොලීසියට කොටු වෙයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

07 Sep, 2016 | 11:28 am

මාස 9ක් වයසැති තම බිළිඳා මුදලට විකිණීමට තැත් කළ කාන්තාවක් මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරෙකු දුන් තොරතුරක් මත මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් ඊයේ රාත්‍රියේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාව තම බිළිඳා සමග කටුගස්තොට රණවන පාරේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනිණි.

පොලීසිය පැවසුවේ, කාලයක් විදෙස්ගතව සිට පසුගිය 3 වන දා නැවත පැමිණි අදාළ කාන්තාව තම බිළිඳා රුපියල් 2000ක මුදලකට අලෙවි කිරීමට තැත් කර ඇති බව ය.

ඇය අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.