පොලිස්පති නමින් හොර Facebook ගිණුමක් සකසා කතුන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස්පති නමින් හොර Facebook ගිණුමක් සකසා කතුන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස්පති නමින් හොර Facebook ගිණුමක් සකසා කතුන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

07 Sep, 2016 | 5:05 pm

පොලිස්පතිවරයා නමින් ව්‍යාජ Facebook ගිණුමක් නිර්මාණය කර කාන්තාවන් රැවටූ පුද්ගලයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු නවසීලන්තයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ය.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පොලීසිය පැවසුවේ, සැකකරු නවසීලන්තයේ වෙසෙන අතරතුර මෙලෙස ව්‍යාජ Facebook ගිණුමක් සකසා කාන්තාවන් රවටා ඇති බව ය.