ආහාර පිසීමට භාවිත කරන තෙල් වර්ගවල ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පියවර

ආහාර පිසීමට භාවිත කරන තෙල් වර්ගවල ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පියවර

ආහාර පිසීමට භාවිත කරන තෙල් වර්ගවල ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පියවර

කර්තෘ Sakila Udayakumara

07 Sep, 2016 | 7:01 am

ආහාර පිසීම සඳහා භාවිත කරන තෙල් වර්ගවල ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ භාවිත කෙරෙන ප්‍රමිතියෙන් තොර තෙල් වර්ගවලින් ජනතාවට සිදු වන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණ බව ය.

නිසි ප්‍රමිතියෙන් තොර ආනයනික ෆාම් තෙල් ඇතුළු විවිධ තෙල් වර්ග පිළිබඳව පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේ ය.

සභාපතිවරයා සඳහන් කළේ, මෙම නිෂ්පාදන වෙළෙඳපොළට යොමුවීම වැළැක්වීමට ප්‍රමිතිය අනිවාර්ය කිරීමෙන් හැකිවන බව ය.

ඒ අනුව පිසීමට භාවිත කරන තෙල් වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කළ සහතිකය නුදුරේදී ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ගෙන එන බව ඔහු සඳහන් කළේ ය.