එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

කර්තෘ Sagarika Chathumali

31 Aug, 2016 | 9:46 pm

තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා දිවයිනට පැමිණියේ ය.

ඔහු මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සංහිදියාව හා සහජීවනයේදී තාරුණයේ කාර්යභාරය යන මැයින් ගාල්ලේදී පැවැත්වෙන තරුණ කඳවුරකට ද සහභාගී වනු ඇති.

ඔහු යාපනයේ නැවත පදිංචි කිරීමේ ස්ථානවල ද සංචාරය කිරීමට ද නියමිතව ඇත.

මීට අමතරව මහ ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කථානායක කරූ ජයසූරිය මෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.