ජනපති නිල වෙබ් අඩවිය හැක් කළ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ජනපති නිල වෙබ් අඩවිය හැක් කළ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ජනපති නිල වෙබ් අඩවිය හැක් කළ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

30 Aug, 2016 | 10:43 am

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක විවාහකයෙකු බව ය.

ඔහු අත්අඩංගුට ගෙන ඇත්තේ, වෙබ් අඩවිය හැක් කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන්ව ඊයේ කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගැනිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර සරකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.