English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
29 Aug, 2016 | 8:43 am
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු අද ආරම්භ වේ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර අද සිට ලබන මස 11 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.
එම කාලය තුළ පාසල් 6ක් සම්පූර්ණයෙන් වසනු ලබන අතර පාසලේ කොටසක් පමණක් වසා ඇගැයීම් කටයුතු සිදුකරන පාසල් සංඛ්‍යාව 21කි.
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලය සහ යාපනය හින්දු බාලිකා විද්‍යාලය උසස් පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර යටතේ සම්පූර්ණයෙන් ම වසනු ලබන පාසල් වේ.
එම පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ ලබන මස 13 වන දා ය.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර යටතේ කොටසක් පමණක් වසනු ලබන පාසල් 21 නියමිත පරිදි ලබන බදාදා එනම් අගෝස්තු මස 31 වැනි දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර අද ආරම්භ වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු අද සිට ලබන මස 3 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
එම කටයුතු හේතුවෙන් සම්පූර්ණයෙන් ම වසනු ලබන පාසල් සංඛ්‍යාව 35 ක් වන අතර කොටසක් පමණක් වසා පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු කරන පාසල් සංඛ්‍යාව 4 කි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු හේතුවෙන් සම්පූර්ණයෙන් ම වසනු ලබන පාසල් තෙවන වාරය සඳහා ආරම්භ වන්නේ ලබන මස 5 වන දා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ එම කටයුතු සඳහා කොටසක් පමණක් වසනු ලබන පාසල් නියමිත පරිදි ලබන බදාදා එනම් අගෝස්තු මස 31 වන දා ආරම්භ වන බව ය.
19 Feb, 2019 | 12:21 PM
19 Feb, 2019 | 09:52 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS