UPDATE – බ්‍රිතාන්‍ය මුහුදේදී මියගිය තරුණයින්ගෙන් 4 දෙනෙකු ලාංකිකයින්

UPDATE – බ්‍රිතාන්‍ය මුහුදේදී මියගිය තරුණයින්ගෙන් 4 දෙනෙකු ලාංකිකයින්

UPDATE – බ්‍රිතාන්‍ය මුහුදේදී මියගිය තරුණයින්ගෙන් 4 දෙනෙකු ලාංකිකයින්

කර්තෘ Chathuranga Rajapaksha

27 Aug, 2016 | 9:59 am

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයේ කේම්බර්සෑන්ඩ්ස් මුහුදේ දියනෑමට ගොස් සිටියදී මියගිය තරුණයින්ගෙන් සිව් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවට සනාථ වී තිබේ.

ඔවුන්ගෙන් එක් අයෙකු යාපනයේ ද සෙසු තිදෙනා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ද පදිංචිකරුවන් වන බව අප වෙත වාර්තා විය.

මියගිය සෙසු තරුණයා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය උපත ලද අයෙකි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා පැවසුවේ මියගිය තරුණයින් අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන බව ය.

ඔවුන්ගෙන් දෙදෙනෙකු සහෝදරයින් වන බව ද ඔහු සඳහන් කළේය.

මියගිය තරුණයින් දෙදෙනෙකු එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිට ඇතැයි ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

පසුගිය සතිය ඇතුළත 12 දෙනෙකු පමණ එම ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගොස් මියගොස් ඇතැයි ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළා ය.

කෙසේ වෙතත් 25,000ක් පමණ පිරිසක් වෙරළේ රැඳී සිටියදී මේ අනතුර සිදුවී ඇති බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.