ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයෙකු හඳුනා ගැනේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයෙකු හඳුනා ගැනේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයෙකු හඳුනා ගැනේ

කර්තෘ Sakila Udayakumara

26 Aug, 2016 | 2:35 pm

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් බව කියන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අද ගම්පහ අධිකරණයේ පැවති පෙරට්ටුවකදී හඳුනා ගනු ලැබුවේ ය.

සැකකරු හඳුනා ගනු ලැබුවේ, උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් ය.

මෙම පහර දීම සිදු කෙරුණේ, 2009 වසරේ ජනවාරි 23 වන දා ගම්පහ, ඉඹුල්ගොඩදී ය.

සැකකරු ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ද සැකකරුවෙක් වේ.