ලොව වේගවත් ම කණ්ඩායම ලෙස ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඇතුළු කණ්ඩායම අභිෂේක ලබයි

ලොව වේගවත් ම කණ්ඩායම ලෙස ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඇතුළු කණ්ඩායම අභිෂේක ලබයි

ලොව වේගවත් ම කණ්ඩායම ලෙස ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඇතුළු කණ්ඩායම අභිෂේක ලබයි

කර්තෘ Sakila Udayakumara

20 Aug, 2016 | 7:59 am

2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 x 4 පිරිමි සහය දිවීමේ තරගයේ රන් පදක්කම උසෙයින් බෝල්ට් ඇතුළු ජැමෙයිකානු ක්‍රීඩකයෝ දිනා ගැනීමට සමත් වූහ.

ඔවුන් ඒ සඳහා ගත කළ කාලය තත්පර 37.27කි.

ජයග්‍රාහී ජැමෙයිකා කණ්ඩායම උසෙයින් බෝල්ට්, අසාෆා පවෙල්, යොහාන් බේල් සහ නිකල් ඇශ්මිඩ් නියෝජනය කළහ.

මීටර් 100 x 4 පිරිමි සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමත් සමග ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් මේ වන විට ජය ගෙන සිටින මුළු ඔලිම්පික් පදක්කම් ගණන 9කි.

පසුගිය පෙබරවාරි මාසයේ 2017 වසරේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බෝල්ට් නිවේදනය කළේ ය.

උසෙයින් බෝල්ට් සහභාගී වූ අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙය වන අතර සිය ඔලිම්පික් ගමන් මගෙහි වාර්තා තබමින් ජයග්‍රාහී ලෙස සිය ඔලිම්පික් ගමන් මග නිමා කිරීමට උසෙයින් බෝල්ට් සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]