කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පැමිණීමේ ප්‍රමාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ප්‍රමාද වී කොළඹ බලා

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පැමිණීමේ ප්‍රමාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ප්‍රමාද වී කොළඹ බලා

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පැමිණීමේ ප්‍රමාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ප්‍රමාද වී කොළඹ බලා

කර්තෘ Sakila Udayakumara

20 Aug, 2016 | 12:02 pm

කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පැමිණීම ප්‍රමාද වීමෙන් ෆ්‍රැන්ක්ෆර්ට් සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය 15ක කාලයක් ප්‍රමාද වී තිබේ.

ඊයේ පස්වරුවේ යානය එම ගුවන්තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබූ අතර මෙම ප්‍රමාදය හේතුවෙන් යානය අද උදෑසන දක්වා ගුවන්තොටුපොළේ නවතා තැබීමට සිදුව තිබේ.

අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයා බීමත්ව සිට ඇති බව ද වාර්තා වේ.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ රාත්‍රී කාලයේ වසා තැබෙන බැවින් එය නැවත විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකන් ගුවන් යානය කොළඹ බලා පියාසර කිරීම අරඹා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, යූ.එල්. 554 දරණ එම යානයේ ප්‍රමාදය හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන බව ය.

ප්‍රමාද කාල සීමාව තුළ මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත් බව ත් යුරෝපා සංගමයේ රෙගුලාසි අනුව මගීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා බව ත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]