ඕපනායකදී බාලවයස්කාර දැරියන් තිදෙනෙකු අපයෝජනය කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඕපනායකදී බාලවයස්කාර දැරියන් තිදෙනෙකු අපයෝජනය කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඕපනායකදී බාලවයස්කාර දැරියන් තිදෙනෙකු අපයෝජනය කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

20 Aug, 2016 | 11:18 am

ඕපනායක ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියන් 3 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් බාලවයස්කරුවෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බාලවයස්කරු 10 වන වියේ පසුවන බව ය.

එලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ, අවුරුදු 8, 11 සහ 12 යන වයස්වල පසුවන දැරියන් තිදෙනෙකි.

පසුගිය වසරේ සිදුව ඇති එම සිද්ධීන් පිළිබඳව පොලීසියට වාර්තා වී ඇත්තේ, පෙරේදා යි.

ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් 36, 41, 44 යන වයස්වල පසුවන අතර ඔවුන් ඕපනායක ප්‍රදේශයේ ම පදිංචිකරුවන් ය.

සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර තණමල්විල බෝදාගම ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක දැරියක් අපයෝජනයට ලක් කළ 50 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]