වන අලි රැක ගැනීමට දුම්රිය ධාවනයේදී වේග සීමා පැනවීමට තීරණයක්

වන අලි රැක ගැනීමට දුම්රිය ධාවනයේදී වේග සීමා පැනවීමට තීරණයක්

වන අලි රැක ගැනීමට දුම්රිය ධාවනයේදී වේග සීමා පැනවීමට තීරණයක්

කර්තෘ Sakila Udayakumara

19 Aug, 2016 | 6:52 am

වන අලි ගැවසෙන ප්‍රදේශවලින් දුම්රිය ධාවනය කිරීමේදී වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා සඳහන් කළේ, මේ යටතේ මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වාත්, මැදවව්වියේ සිට කිලිනොච්චිය දක්වාත් දුම්රිය මාර්ගයේ වේග සීමා පනවන බව ය.

වන අලි දුම්රියේ ගැටී මිය යාම අවම කිරිමේ වැඩපිළිවෙළ යටතේ මෙම වේග සීමා පැනවෙනු ඇති.

පසුගියදා සෙට්ටිකුලම ප්‍රදේශයේදී වන අලි සිව් දෙනෙකු දුම්රියේ ගැටී මිය යාම ත් සමග වනජීවී දෙපාර්තමේන්තුව සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

දුමිරිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, මීට අමතරව එම ප්‍රදේශවල වංගු ආශ්‍රිතව ලඳු කැළෑ එළි කිරීමට නියමිත බව ය.

දුම්රිය ගමන් ගැනීමට පෙර වන අලි සංවේදී වන ශබ්ද සංඥා නිකුත් කිරීමට වනජීවී නිලධාරීන් අත්හදා බැලීමක් ද සිදු කරන බව ඔහු පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]