ලොව වේගවත් ම මිනිසා ඔලිම්පික් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේදී නැවතත් සිය අණසක පතුරුවයි

ලොව වේගවත් ම මිනිසා ඔලිම්පික් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේදී නැවතත් සිය අණසක පතුරුවයි

ලොව වේගවත් ම මිනිසා ඔලිම්පික් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේදී නැවතත් සිය අණසක පතුරුවයි

කර්තෘ Sakila Udayakumara

19 Aug, 2016 | 7:24 am

සුපිරි කෙටි දුර ධාවක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් මෙවර ඔලිම්පික් උළෙලේ මීටර 200 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය.

ඒ තත්පර 19.78ක කාලයක් සටහන් කරමිනි.

ඔහු 2008 බීජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ද මීටර 200 ධාවන ඉසව්ව ජය ගත් ක්‍රීඩකයා යි.

ඒ අනුව බෝල්ට් අද ඉතිහාසයට එක් වූයේ, අඛණ්ඩව ඔලිම්පික් උළෙල 3කදී මීටර 200 ධාවන ඉසව්ව ජය ගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසිනි.

ඔහු පසුගියදා අඛණ්ඩව 3 වන වරටත් මීටර 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගත්තේ ය.