ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම අද බ්‍රසීලය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම අද බ්‍රසීලය බලා පිටත්ව යයි

කර්තෘ Chathuranga Rajapaksha

01 Aug, 2016 | 3:24 pm

බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝහිදී පැවැත් වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි.

ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී දැන් පැවැත්වෙන ආගමික වතාවත් වලින් පසුව බ්‍රසීලය බලා පිටත්ව යාමට නියමිත ය.

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ මැරතන් ඉසව්වෙන් තුන් වැනි වරට ඔලිම්පික් වරම් දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි.

මීට අමතරව මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සුමේද රණසිංහ ,  පිහිණුම් ක්‍රීඩාවෙන් මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම්, බර ඉසිලිමේ ඉසව්වෙන් සුදේශ් පීරිස්, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් නිලූක කරුණාරත්න, ඉලක්කයට  වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]