UPDATE: පෑලියගොඩ කන්ටේනර් දෙකෙන් කිලෝග්‍රෑම් 300ක කොකේන් මතුවෙයි

UPDATE: පෑලියගොඩ කන්ටේනර් දෙකෙන් කිලෝග්‍රෑම් 300ක කොකේන් මතුවෙයි

UPDATE: පෑලියගොඩ කන්ටේනර් දෙකෙන් කිලෝග්‍රෑම් 300ක කොකේන් මතුවෙයි

කර්තෘ Sakila Udayakumara

22 Jul, 2016 | 11:53 am

පෑලියගොඩ බහාලුම් අංගනයේ තිබී සොයා ගත් සම්පූර්ණ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 300ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

මෙම කොකේන් සොයා ගත්තේ, එම අංගනයේ සීනි ආනයනය කළ බහාලුම් දෙකක තිබියදී ය.

එම බහාලුම් බ්‍රසීලයේ සිට පෘතුගාලය හරහා ශ්‍රී ලංකාවට ළඟා වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ සම්පූර්ණ වටිනාකම මිලියන 4500ක් පමණ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා මහතා සඳහන් කළේ ය.

අදාළ කොකේන් තොගය සොයා ගත්තේ, පෑලියගොඩ අංගනයේදී බහාලුම් 6ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]