මෙරටින් සොයා ගත් වැඩි ම කොකේන් තොගය පෑලියගොඩ බහාලුම් අංගනයෙන්

මෙරටින් සොයා ගත් වැඩි ම කොකේන් තොගය පෑලියගොඩ බහාලුම් අංගනයෙන්

මෙරටින් සොයා ගත් වැඩි ම කොකේන් තොගය පෑලියගොඩ බහාලුම් අංගනයෙන්

කර්තෘ Sakila Udayakumara

22 Jul, 2016 | 7:11 am

පෑලියගොඩ බහාලුම් අංගනයේ සැක සහිත දෙවන කන්ටේනරයත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කරමින් ඇතැයි පොලීසිය පවසයි.

එම අංගනයේ එක් කන්ටේනරයක තිබී කොකේන් කිලෝග්‍රෑම් 274ක් සොයා ගැනිණි.

පොලිස් මූලස්ථානය පවසන්නේ, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගනු ලැබූ විශාලත ම කොකේන් ප්‍රමාණය මෙය බව ය.

එම කොකේන් තොගය බ්‍රසීලයේ සිට පෘතුගාලය හරහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි තොගයක් අතර සඟවා තිබිණි.

මීට පෙර ද මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

රේගුවෙන් නිදහස් කිරීමෙන් පසුව එම බහාලුම් 2ක පෑලියගොඩ බහාලුම් අංගනයට රැගෙනවිත් ඇත්තේ, පෙරේදා යි.

කෙසේ වෙතත් මෙම කොකේන් තොගය මෙරටට රැගෙන ආ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.