ගුරු විදුහල්පතිවරුන් පිරිසක් අරලියගහ මැදුර දක්වා පාගමනක

ගුරු විදුහල්පතිවරුන් පිරිසක් අරලියගහ මැදුර දක්වා පාගමනක

ගුරු විදුහල්පතිවරුන් පිරිසක් අරලියගහ මැදුර දක්වා පාගමනක

කර්තෘ Sakila Udayakumara

22 Jul, 2016 | 12:10 pm

නව විදුහල්පති ශ්‍රේණිධාරීන් ස්ථානගත නොකිරීමට එරෙහිව මේ වන විට විරෝධතා පෙළපාලියක් පැවැත්වේ.

කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පාගමන අරලියගහ මන්දිරය දක්වා ගමන් කරමින් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් කොළඹ මල් පාර සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව ය.

විරෝධතාකරුවන් පවසන්නේ, 2015 වසරේ නොවැම්බර් මස තරග විභාගයක් පවත්වා 3856 දෙනෙකුට විදුහල්පති සේවයේ 3 වන පන්තියට පත්වීම් ලබා දුන් බව ය.

එහෙත් ඔවුන් මේ වන තෙක් පාසල්වලට අනුයුක්ත කර නැතැයි විරෝධතාවයට එක්ව සිටින පිරිස පවසති.

පසුගිය මස අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශය සති 2ක් ඇතුළත අදාළ විදුහල්පතිවරුන් ස්ථාන ගත කිරීමට කටයුතු කරන බවට පැවසුව ද එය මෙතෙක් ඉටුවී නැතැයි විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]