රාමසාන් උත්සවය සමානාත්මතාව පිළිබිඹු කරන විශ්වීය ප්‍රකාශයක් – ජනපති

රාමසාන් උත්සවය සමානාත්මතාව පිළිබිඹු කරන විශ්වීය ප්‍රකාශයක් – ජනපති

රාමසාන් උත්සවය සමානාත්මතාව පිළිබිඹු කරන විශ්වීය ප්‍රකාශයක් – ජනපති

කර්තෘ Sakila Udayakumara

06 Jul, 2016 | 10:41 am

මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට යෙදී තිබේ.

උපවාස සමය තුළ ලෞකික ජීවිතයෙන් අධ්‍යාත්මික ජීවිතයකට පිවිස දේව සිතුවිල්ලෙන් පිවිතුරු යහපත් ක්‍රියාවන්ගෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටන බැතිමතුන් දිවා කාලය තුළ නිරාහාරව ගත කරමින් ප්‍රකාශ කරනුයේ අසරණයින් අත්විඳින දුක තමන් ද අත්විඳීමේ මහඟු මනුසත් ගුණයක් වන අතර එය සමානාත්මතාව පිළිබිඹු කරනු ලබන විශ්වීය ප්‍රකාශයක් බඳු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට රාමසාන් උත්සවය අගනා අවස්ථාවක් බව ය.

මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස කරමින් සිදු කරන කැපවීම, ආත්ම දමනය මෙන් ම සමානාත්මතාව සඳහා මග පෙන්වන පරිත්‍යාගශීලිත්වය ජාතික සමගියට සහ සංහිඳියාවට ද මහඟු ආදර්ශයක් බව අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]