පෙම්වතිය ඝාතනය කළ පැරාලිම්පික් ක්‍රීඩකයා සය මසක් සිපිරිගෙට

පෙම්වතිය ඝාතනය කළ පැරාලිම්පික් ක්‍රීඩකයා සය මසක් සිපිරිගෙට

පෙම්වතිය ඝාතනය කළ පැරාලිම්පික් ක්‍රීඩකයා සය මසක් සිපිරිගෙට

කර්තෘ Sakila Udayakumara

06 Jul, 2016 | 5:12 pm

දකුණු අප්‍රිකා පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට වසර 6ක සිර දඬුවමක් නියම කිරීමට දකුණු අප්‍රිකා අධිකරණය අද පියවර ගත්තේ ය.

ඒ, ඔහුගේ පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වීමෙන් පසුව ය.

2013 වසරේ පෙබරවාරි 14 වනදා දකුණු අප්‍රිකාවේ පිහිටි ඔස්කා පිස්ටෝරියගේ නිවසේ නාන කාමරයක් තුළදී රීවා ස්ටීන්කෑම්ප් වෙඩි තබා ඝාතනය කෙරිණ.

එම අවස්ථාවේදී පිස්ටෝරියස් ප්‍රකාශ කළේ, සොරෙකු යැයි සිතා වැරදීමකින් එම වෙඩි තැබීම සිදු කළ බව ය.

දකුණු අප්‍රිකා අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව අදාළ චෝදනාවලින් ඔහු නිදහස් වූ අතර කෙසේ නමුත් එහිදී ඝාතනයක් සිදු වූ බැවින් ඔහුව නිවාස අඩස්සියට පත් කෙරිණ.

ඊට අදාළ නඩු විභාගය යළි කැඳවූයේ, රීවා ස්ටීන්කෑම්ප්ගේ ඥාතීන් එම තීන්දුවට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකා අධිකරණයට අභියාචනයක් යොමු කිරීමත් සමග ය.

ඒ අනුව එම අභියාචනය විභාග කළ අධිකරණය අද දිනයේදී ඔස්කා පිස්ටෝරියස්ට වසර 6ක සිර දඬුවමක් නියම කළේ ය.

පැරාලිම්පික් රන් පදක්කම් 6ක් දිනා සිටින පිස්ටෝරියස් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඉතිහාසයට එක් වූයේ ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු දෙපා ඉවත් කළ ධාවකයා ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]