කුසල් ජනිත්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි

කුසල් ජනිත්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි

කුසල් ජනිත්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි

කර්තෘ Sakila Udayakumara

06 Jul, 2016 | 1:14 pm

තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට, වන්දි ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

කුසල් ජනිත්ගේ නමට සිදු වූ අපකීර්තියට ත්, නීති කටයුතු සඳහා වැය වූ, මුදල ත් මෙලෙස ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා මීට ටික වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කුසල් ජනිත් පෙරේරාට තරග තහනමක් පැනවූයේ, තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමිනි.

ඊට අදාළ පරීක්ෂණ සිදු කළේ, ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය යි.

එහෙත් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අදාළ පරීක්ෂණ වාර්තා නිවැරදි නොවන බව පිළිගනිමින් කුසල් ජනිත්ට එරෙහි තරග තහනම ඉවත් කර ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]