නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට (VIDEO)

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට (VIDEO)

කර්තෘ Sakila Udayakumara

05 Jul, 2016 | 8:26 pm

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග විරෝධතාවක නිරත වූ මව්වරුන් 9 දෙනෙකු අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබී ය.

මේ අතර විරෝධතාවයේ නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ තව ත් තිදෙනෙකු පොලීසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය.

එම මව්පියන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට අයුතු ලෙස ඇතුළු වීම හා සාපරාධී බලහත්කාරය යන‍ චෝදනාවන් ය.

එම කාන්තාවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අනතුරුව ඔවුන් ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියත් සමග නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනය ද සමග අද පස්වරු 3.30ට මතුගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණියේ ය.

ඒ වන විට උසාවියේ වැඩ අවසන් වී තිබිණි.

ඔහුගේ නීතීඥවරුන් පැවසුවේ, උසාවියේ වැඩ අවසන් නිසා හා හෙට දින රජයේ නිවාඩු දිනයක් හෙයින් තෙවරප්පෙරුම මහතා බ්‍රහස්පතින්දා දින අධිකරණයට ඉදිරිපත් කරන බව ය‍.

කෙසේ වෙතත් තමන් අද ම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මීගහතැන්න පොලීසියට ද ගියේ ය.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව අද බස්නාහිර පළාත් සභාවේදී ද දැඩි විවේචන එල්ල විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]