සැලසුම් කළ බස් වර්ජනය අත්හිටුවේ

සැලසුම් කළ බස් වර්ජනය අත්හිටුවේ

සැලසුම් කළ බස් වර්ජනය අත්හිටුවේ

කර්තෘ Sagarika Chathumali

03 Jul, 2016 | 2:11 pm

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස්රථ වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ බස් සංගම් නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සාකච්ඡා සාර්ථක බව ය.

එම සාකච්ඡාවේදී පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු රැසක් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ බව ද ඔහු පැවසි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]