වර්ජනයට පෙර බස් සංගම් සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

වර්ජනයට පෙර බස් සංගම් සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

වර්ජනයට පෙර බස් සංගම් සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Sagarika Chathumali

03 Jul, 2016 | 10:22 am

පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත ය.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඊට සියලු බස් සංගම්වල නියෝජිතයින් සහභාගී වන බව ය.

බස් ගාස්තු සංශෝධනය සඳහා දින වකවානු නියම කිරීමට විෂය භාර අමාත්‍යවරයා පියවර නොගැනීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.

ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සිය ගැටලුවලට සාර්ථක විසඳුමක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]