දික්වැල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ

දික්වැල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ

දික්වැල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ

කර්තෘ Sagarika Chathumali

03 Jul, 2016 | 10:40 am

දික්වැල්ල, රදම්පොල, නාවරහේන ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු අවමංගල්‍ය උත්සවයකට ගොස් සිය යතුරු පැදියෙන් යළි පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී අද අලුයම වෙඩි තැබීම සිදුකර ඇති බව ය.

මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි දික්වැල්ල ඌරුගමුව මැදහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ වන විට ඔහුගේ දේහය රදම්පොළ රෝහලේ තැන්පත් කර තිබේ.

වෙඩි තැබූ පුද්ගලයින් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.