බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක නායකත්ව අර්බුදයක

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක නායකත්ව අර්බුදයක

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක නායකත්ව අර්බුදයක

කර්තෘ Sakila Udayakumara

01 Jul, 2016 | 11:42 am

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට පසුගියදා පැවති ජනමත විචාරණයේදී ජනතාවගෙන් ලැබුණු තීන්දුවත් සමග බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම නායකත්ව අර්බුදයකට මුහුණ දී සිටියි.

මෙහි නවත ම ප්‍රවණතාවය වන්නේ, පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සහ අගමැති පදවිය සඳහා අධිකරණ ලේකම් මයිකල් ගෝව් තරග කරන බවට ප්‍රකාශයට පත් කිරීම යි.

ලන්ඩනයේ හිටපු නගරාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී බොරිස් ජොන්සන් සහ ස්වදේශ කටයුතු භාර ලේකම් තෙරේසා මේ දැනටමත් එම පක්ෂයේ නායකත්වයට සහ අගමැති පදවියට තරග කරන බව ප්‍රකාශයට පත් කොට තිබේ.

ජනමත විචාරණයේදී ලන්ඩනයේ හිටපු නගරාධිපති බොරිස් ජොන්සන් සමග එක්ව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටි මයිකල් ගෝව්, හිටපු නගරාධිපති බොරිස් ජොන්සන්ට සහයෝගය දක්වන බවට විදෙස් මාධය වාර්තාවල සඳහන් ය.

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඇන්ජෙලා ඊගල්, ජෙරමි කෝර්බින්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කර තිබේ.

කම්කරු පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් බහුතරයක් කෝර්බින්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේ, ජනමත විචාරණයේදී විධිමත් ලෙස මැතිවරණ ව්‍යාපාරය හැසිර වීමට අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.

එහෙත් රට පුරා සිටින කෝර්බින් හිතවාදී කම්කරු පක්ෂ සාමාජිකයින් පවසන්නේ, සිය නායකයාගේ ජනප්‍රියත්වය තවමත් එලෙස ම පවතින බව ය.