නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 23ක කටයුතු එහි ප්‍රධාන විධායක නිලධාරීන් යටතට

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 23ක කටයුතු එහි ප්‍රධාන විධායක නිලධාරීන් යටතට

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 23ක කටයුතු එහි ප්‍රධාන විධායක නිලධාරීන් යටතට

කර්තෘ Sakila Udayakumara

01 Jul, 2016 | 7:27 am

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 23ක කටයුතු එහි ප්‍රධාන විධායක නිලධාරීන්ට පැවරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ, ඒ අනුව මැතිවරණය නැවත පවත්වන තුරු එහි බලතල එම නිලධාරීන්ට පැවරෙන බව ය.

පළාත් පාලන ආයතන 23ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය.

මේ අතරට මහ නගර සභා 17ක් නගර සභා එකක් සහ ප්‍රාදේශීය සභා 5ක් අයත් ය.

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල මහ නගර සභාවල නිල කාලය අවසන් විය.

එසේ ම ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, අනුරාධපුර සහ කල්මුණේ යන මහ නගර සභාවල නිල කාලය ද ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

කොළොන්නාව නගර සභාවේ නිල කාලය ද ඊයේ අවසන් විය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, කඩවත්සතර ගගවටකෝරළේ, කුණ්ඩසාලේ සහ හම්බන්තොට මෙන් ම සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල කාලය ද ඊයේ අවසන් විය.

දිවයින පුරා පළාත් පාලන ආයතන 335ක් පවතින අතර, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට තිබූ පළාත් පාලන ආයතනවල ධූර කාලය නැවත දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසුවේ, ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකඡාවකින් පසුව එම තීරණය ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]