මහ බැංකු අධිපතිගේ ධූර කාලය අදින් අවසන්

මහ බැංකු අධිපතිගේ ධූර කාලය අදින් අවසන්

By Sagarika Chathumali

Jun 30, 2016 | 9:40 am

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය අදින් අවසන් වේ.

ජනාධිපතිවරයා ඊයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ, නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට පියවර ගන්නා බව ය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඊයේ මහ බැංකු පරිශ්‍රයට ගොස් එහි ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක ද නිරත විය.

මහබැංකු අධිපති ධුරය සඳහා කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබු බව ද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන මහේන්දුන් මහතා ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ 19 වන වාර්ෂික සම්මේලනය අමතමින් මෙරට ආර්ථික පිළිබඳ අදහස් පළ කළේ ය.

අපේ අය යුරෝපය වගේ විදේශීය රටවල සල්ලි හංගනවා.ඒක වැඩි වෙන නිසා තමයි අපේ ණය ප්‍රමාණය වැඩි වෙන්නේ.ඒක තමයි අපි අයි.එම්.එෆ් එකෙන් ණය අරගන්නේ. තියෙන තත්වය පාලනය කරන්න. කනගාටුවෙන් උනත් ලංකාවේ බදු ප්‍රමාණය වැඩි කළ යුතුයි.වැට් බදු වැඩියි තමයි. ඒත් ඒක කරන්නම ඕන. අපි ඒක කරන්නේ මේ තියෙන ණය ටික ගෙවන්න සල්ලි හොයන්නයි