උතුරේ බස් වර්ජනයක්

උතුරේ බස් වර්ජනයක්

By Sagarika Chathumali

Jun 27, 2016 | 10:46 am

උතුරු පළාතේ ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සේවක වර්ජනය හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

News 1st යාපනය වාර්තාකරු සඳහන් කළේ, මේ හේතුවෙන් ලංගම බස් රථවල දැඩි මගී තදබදයක් පවතින බව ය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ලංගම බස් රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනයට අනුගත නොවීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ය.

ඒ අනුව උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්කවලින් ආරම්භ වන පෞද්ගලික බස්රථ මෙම වර්ජනයට එක්ව සිටී.