මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

By Sakila Udayakumara

Jun 26, 2016 | 11:52 am

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව පළමුවෙන් සවන් දෙන්න යන්න යි.

1987 දෙසැම්බර් මස 7 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්ර දිනය සැමරීමේ ජාතික උත්සවය අද පස්වරු 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ හා විෂ වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙරට හෙරොයින්වලට ඇබ්බැහිවූවන් 50,000ක් පමණ සිටින බව ය.

මත්ද්‍රව්‍යවලට අබ්බැහි වන කොටස් අතර පාසල් සිසුන් ද වන බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය   මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු   මෛත්‍රීපාල සිරිසේන